දැනට අත් අඩංගුවේ පසුවෙන්නේ බුද්ධි අංශ නිළධාරීන් 4 ක් පමණයි.

0
481
- Advertisement -
Share

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, බුද්ධි අංශ නිළධාරීන් විශාල ප‍්‍රමාණයක් සිරගත කර ඇති බවට විපක්ෂය විසින් චෝදනා කළද, සැබෑ ලෙසම අත් අඩංගුවේ පසු වන බුද්ධි අංශ නිළධාරීන්ගේ සංඛ්‍යාව 4 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔවුන් හතර දෙනා අත් අඩංගුවේ පසු වන්නේ, කප්පම් ගැනීම සදහා තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගැනීමේ සිදුවීමකට අදාලව බවද අමාත්‍යවරයා පැවසී ය. මීට පෙර අත් අඩංවට ගන්නා ලද සියළුම බුද්ධි අංශ නිළධාරීන් නිදහස් කර හෝ ඇපමත මුදා හැර හෝ ඇති බව ද ඔහු පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද සවස අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =