දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රැඳවියන් කිහිපදෙනෙක් බූස්ස බන්ධනාගාරයට මාරු කරයි

0
814
- Advertisement -

මරණ දඬුවම නියම වී වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

ඒ සමඟම ඉකුත් දා සිරදඬුවම් නියමවූ කන්ජිපානි ඉම්රාන් ද බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔවුන් එලෙස මාරු කර යවා ඇත්තේ, බන්ධනාගාරගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට බන්ධනාගාර බුද්ධි අංශ මගින් ලබාදී ඇති වාර්තා අනුවයි.