ද්විත්ව පුරවැසි බාධාව
විසිවන සංශෝධනයෙන් ඉවත් වේ.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත, මේ වන විට නිකුත් ව තිබේ.
19 වන සංශෝධනයෙන් හදුන්වා දී තිබුණු ව්‍යවස්ථා රැසක් විසිවන සංශෝධනයෙන් ඉවත් කර තිබෙන බව පෙනී යයි. එවැනි සංශෝධන රැසක් හදුනාගත හැකි අතර, බොහෝ දෙනා උනන්දුවෙන් පසු වූ ද්විත්ව පුරවැසියන් ට පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වීමට 19 වන සංශෝධනයෙන් පනවා තිබුණු තහනම, විසිවන සංශෝධනයෙන් ඉවත් කර තිබේ.