ද්විත්ව පුරවැසි බාධාව ඉවත්කරනවාට විරෝධය. විමල්-උදය-වාසු අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි.

0
523
- Advertisement -

ද්විත්ව පුරවැසි බාධාව ඉවත්කරනවාට විරෝධය.
විමල්-උදය-වාසු අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ද්විත්ව පුරවැසියන්ට ඇති බාධාව ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනටමත් සිය විරෝධය ප්‍රකාශ කර ඇති, ආණ්ඩු පක්ෂයට සම්බන්ධ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු විසින් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවා ඇති බව වාර්තා වේ.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් පවත්වන පාර්ලිමේන්තු විවාදයේ දෙවන දවස අද වන අතර, අද පස්වරුවේ දී තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කර ගතයුතුව තිබේ.