දලයිලාමා රෝහල් ගත කරයි.

0
1280
- Advertisement -

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. අසූ තුන් හැවිරිදි දලයි ලාමා තුමා මීට හැට වසරකට පෙර ටිබෙටයෙන් පලා ගිය අතර මේ වන විට ඉන්දියාවේ ජීවත් වෙයි. ටිබෙටය චීනයෙන් නිදහස් කර ගැනීම සදහා වූ සටනට ටිබෙටයෙන් පිට සිට නායකත්වය දෙන්නෙ දලයි ලාමා තුමාය. එතුමා, මේ වන විට ලෝකයේ ජීවත් වන වැඩිම ගෞරවාදරය දිනාගත් බෞද්ධ භික්ෂුව යි. ටිබෙටය චීනයෙන් නිදහස් කර ගැනීම සදහා ගෙන යන සාමකාමී සටනට නායකත්වය දීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයෙන් ද එතුමා පිදුම් ලැබුවේ ය. කෙසේ වෙතත්, රෝහල් ගත කර සිටින දලයි ලාමා තුමාගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.