දරුවෝ හතලිස් හය දෙනා නිදහස් කරනවාට බන්ධනාගාර බළධාරීන්ගේ විරෝධය.

0
279
- Advertisement -
Share

දරුවෝ හතලිස් හය දෙනා නිදහස් කරනවාට
බන්ධනාගාර බළධාරීන්ගේ විරෝධය.

බන්ධනාගාරගත වූ කාන්තාවන්ට දාව, බන්ධනාගාරය තුළ දී උපත ලැබූ වයස අවුරුදු පහට අඩු වයස් ඛාණ්ඩයට අයත් දරුවන් 46 දෙනෙකු සිටින බවත්, එම දරුවන්ට නිදහස ලබා දීම පිළිබදව සලකා බලමින් සිටින බවත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්තාපණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

දරුවන් උස් මහත් වීම සදහා සුදුසු පරිසරයක් බන්ධනාගාර තුළ නැති බවත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එම තීරණය ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරිය පවසා තිබුණි.

කෙසේ වෙතත්. රාජ්‍ය අමාත්‍යවරියගේ එම තීන්දුව සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරීන් සිය විරෝධය පළ කර ඇති බව ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

දරුවන් අම්මලාගෙන් වෙන් කිරීම සාධාරණ නැති බව පවසන බන්ධනාගාර නිළධාරීන්, එම දරුවන්ට අම්මලා සමග එකට ජීවත් විය හැකි මට්ටමට බන්ධනාගාරවල තත්ත්වය දියුණු කළ යුතුව ඇතැයි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 5 =