දරුවා මගෙන් වෙන් කරන්න එපා. 14 වියැති ළමා අම්මා උසාවියෙන් ඉල්ලයි.

0
795
- Advertisement -
Share

දරුවා මගෙන් වෙන් කරන්න එපා. 14 වියැති ළමා අම්මා උසාවියෙන් ඉල්ලයි.

තම සිඟිති දියණිය තමන්ගෙන් වෙන් නොකරන ලෙස 14 හැවිරිදි බාලවයස්කාර මවක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඊයේ දිනයේ දී ඉල්ලා තිබුණා ය.

යම් කිසි පුද්ගලයෙකුගෙන් අතවරයට පත්ව දියණියක් බිහිකර ඇති මෙම දැරිය, සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසට වැලිවේරිය පොලිසයේ ළමා හා කාන්තා කාර්යාංශය භාර නිළධාරිනියක විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

“දරුවා මගෙන් වෙන් කරන්න එපා;” යැයි 14 හැවිරිදි මෙම ළමා අම්මා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම අවස්ථාවේ දී ය.

දැරියගේ ඉල්ලීමට කන් දී ඇති මහේස්ත්‍රාත්වරයා, දැරියත්, ඈ බිහි කළ බිළිදියත් රදවා තැබීමට සුදුසු තැනක් හමුවන තෙක්, ඔවුන් දෙදෙනා, ගම්පහ මූලික රෝහලේ රදවා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයාට උපදෙස් දී තිබේ.

ලංකාදීප පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =