දර්ගා නගරයේ මාර්ග භාදකයේ දී අවුරුදු දාහතරක දරුවාට හිරිහැර කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ඇරඹේ.

0
1615
- Advertisement -

ඔටිසම් රෝගී තත්ත්වය සදහා ප්‍රතිකාර ලබන 14 හැවිරිද දරුවෙකු හට, දර්ගා නගරයේ මාර්ග බාධකයක රාජකාරී කළ පොලිස් නිළධාරීන් විසින් හිරිහැර කරන දර්ශන ඇතුළත් වීඩියෝවක්, පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණි.

එම දරුවාගේ පියා විසින්, අදාල දරුවාට පොලිස් නිළධාරීන් සිදු කළ හිරිහැරය සම්බන්ධයෙන් කළුතර, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව, විමර්ෂණ කටයුතු අරඹා ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.

දරුවාට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, එම පොලිස් නිළධාරීන්ට එරෙහිව දරුවාගේ පියා, අළුත්ගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමීමට ගොස් ඇති අතර, පොලිසිය, පැමිණිල්ල භාර නොගෙන, එම පියාට තර්ජනය කර ඇති බවද පැවසේ.

ඔවුන් පවසා ඇත්තේ, ඇදිරිනීතිය කඩකිරීමේ වරදට, අදාල දරුවා දින දාහතරක් සිරගත කිරීමට වුවත් තමන්ට හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + two =