දයාසිරි හෙට තේරීම් කාරක සභාවට එයිද?

0
502
- Advertisement -
Share

සාක්ෂි ලබා දීම සඳහා, පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ හෙට, එනම් 10 වන දා, පෙනී සිටින ලෙස දයාසිරි ජයසේකර මහතාට නැවත වතාවක් දැනුම් දී තිබේ. කෙසේ නමුත්, තමන්, පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට සහභාගී වීම හෝ නොවීම තීරණය වන්නේ කතානායකවරයාගේ තීරණයට අනුව බව කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ මේ මොහොතේ පැවැත්වෙන පාර්ලිමේනතු සභා වාරය අතර තුරේ දී ය. මේ අවස්ථාවේ දී දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ඇමතූ කතානායක වරයා පවසා සිටියේ, මන්ත‍්‍රීවරයා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම කළ යුතු දෙයක් බව තමන් විශ්වාස කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + one =