දකුණු ආසියාතික රටවල කොරෝනා මරණ අඩු අගයක් ගැනීම බටහිර විද්‍යාඥයන්ටත් පුදුමයක්..!

0
698
- Advertisement -

ලෝකයේ දියුණු යැයි සම්මත බටහිර රටවල, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනිද්දී, දකුණු ආසියාතික රටවල එම අගය ඉතා පමළ මට්ටමක පැවතීම බටහිර විද්‍යාඥයන්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ කුතුහලයට හේතු වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම, දකුණු ආසියාතික රටවල් සැලකෙන්නේ, තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙසයි. මෙම රටවල, අඩු සෞඛ්‍ය පහසුකම් සහ අධික ජනඝණත්වයක් තිබියදී, මරණ අඩුවෙන් අඩුවෙන් වාර්තා වෙමින් පවතී.

වෛරසය ආසාදනය වූ වන්ට සාපේක්ෂව සිදුව ඇති මරණ සංඛ්‍යාව ගණන් බැලීමේ දී, ප‍්‍රතිශතයක් ලෙස ප‍්‍රංශයේ එය, 15.2 කි. එක්සත් රාජධානියේ 14.4 කි. ඉතාලියේ සියයට 14 කි. ඇමරිකාවේ 6% කි.

නමුත් දකුණු ආසියාතික රටවල මෙම ප‍්‍රතිශතය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. උදාහරණයක් ලෙස, ඉන්දියාවේ එය 3.3 කි. පාකිස්තානයේ ප‍්‍රතිශතයක් ලෙස එය, 2.2 කි. බංගලිදේශයේ 1.5 කි. ශ‍්‍රී ලංකාවේ එය 1% කි.

දකුණු ආසියානු කලාපයේ රටවල සංඛ්‍යා දත්ත මේ ලෙස පෙන්වන්නේ, ආසාදිතයන් සහ මියගිය අය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු වාර්තා නොවන නිසා යැයි ඇතැමෙක් පවසයි.

එසේ නමුත්, ඊට වෙනස් මතයක්ද ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, දකුණු ආසියාතික රටවල අඩු මරණ සංඛ්‍යාවක් වාර්තාවීමට හේතුව, එම රටවල තරුණ ජනගහනය ඉහළ අගයක පැවතීමයි. විශේෂයෙන්ම පාකිස්ථානය සලකා බැලීමේ දී, තරුණ ජනගහණය සාපේක්ෂව වැඩි රටක් ලෙස පාකිස්ථානය සැලකේ.

ඊට අමතරව, දකුණු ආසියාතික දරුවන්ට ලබා දෙන ප‍්‍රතිශක්තිකරණ එන්නත් හේතුවෙන්, බටහිර රටවලට සාපේක්ෂව ආසියාවේ වෙසෙන ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය දියුණු බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 17 =