දක්ෂිණ අධිවේගි මාර්ගයේ අතුරුගිරිය පිටවිමේදී හෙරොයින් කිලෝ 50ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

0
762
- Advertisement -

දක්ෂිණ අධිවේගි මාර්ගයේ අතුරුගිරිය පිටවිමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී ගමන් කළ සැකසහිත ජිප් රථයක් පරීක්ෂා කිරීමේදි පොහොර උර 2ක බහා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණ අතුරුගිරිය පිටවිමේ ස්ථානයෙන් පිටවන අවස්ථාවේදි මෙම ජිප්රිය පරීක්ෂා කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙරැල්ල පදිංචි පැල්ලවත්ත ගමගේ චමින්ද දිල්රුක් (38) හා මංගල සිසිර කුමාරසිරි (38) නුගේගොඩ පදිංචි යන අයයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50කට අධික වෙයි.