ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමටත් සූදානම්.

0
316
- Advertisement -

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමටත් සූදානම්.

යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිත කණ්ඩායමකට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර සම්මුතීන් 27කට අනුගත ආකාරයෙන් කි‍්‍රයා කිරීමට ශ‍්‍රී ලංකා රජය අපොහොසත් වන්නේ නම් – මෙරටට ලබා දී තිබෙන ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කිරීමට සිදුවන බව යුරෝපා පාර්ලිමේන්තුව අනතුරු හගවා තිබේ.

ත‍්‍රස්තවාදය වැළැක් වීමේ පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව ඉල්ලා සිටින අතර – ඒ පිළිබදව සලකා බැලීමට රජය සූදානම් බව ද වාර්තා වේ.

යුරෝපා සංගමයට අයත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බව – විදේශ කටයුතු පිළිබද අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසා තිබේ.


ඩෙලි මිරර් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + one =