ත‍්‍රස්තයෝ හමුදාව සමඟ මුහුණට මුහුණ සටනක.

0
691
- Advertisement -
Share

ඊයේ සවස සමන්තුරේ ප‍්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුම් අතර තුරේ දී නිවසක් තුළ තිබී ජෙලග්නයිට් කූරු 150 ක්, බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල ලක්ෂයක් පමණ, ඩෙටනේටර් සහ බැටරි ආදී බෝම්බ සෑදීමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබේ. ඊට අමතරව, අයි එස් සංවිධානයේ කොඩියක් ද හමුදාවට හමු වී තිබේ. අදාල නිවස හිමියාගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් වලින් පසුව තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීම සදහා අදාල සැකකරුද සමග, විශේෂ කාර්ය බලකා සෙබළු, සයින්දමරදු ප‍්‍රදේශයේ පිහිටි නව ගම්මානයේ නිවසක් පරීක්ෂා කිරීම සදහා පිටව ගොස් තිබේ. අදාල නිවස සෝදිසි කිරීමට සූදානම් වීමේ දී නිවස තුළ සිටි අයෙකු බෝම්බයක් පුපුරුවාගෙන තිබේ. ඒ සමඟ විශේෂ කාර්ය බලකා සෙබළු වෙත එක දිගට වෙඩි ප‍්‍රහාර එල්ල වී තිබේ. දෙපිරිස අතර වෙඩි හුවමාරුව පැය තුන හතරක් පැවති බවට වාර්තා වේ. මේ, මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තවාදීන් මෙරට ආරක්ෂ අංශ සමඟ මුහුණට මුහුණ සටන් කළ පළමු අවස්ථාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − four =