“තොණ්ඩමන්ගේ අවමගුලේ දී පොලිසියේ හැසිරීම එක විදිහක්. පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයේ දී තවත් විදිහක්.” මහින්ද දේශප්‍රිය මහතා වැඩ බලන පොලිස්පතිට පවසයි.

0
4604
- Advertisement -
Share

“තොණ්ඩමන්ගේ අවමගුලේ දී පොලිසියේ හැසිරීම එක විදිහක්. පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයේ දී තවත් විදිහක්.” මහින්ද දේශප්‍රිය මහතා වැඩ බලන පොලිස්පතිට පවසයි.

පොලිසිය, විවිධ පාර්ශ්වයන්ට වෙනස් ආකාරයට සලකන බවට චෝදනා එල්ල වී ඇති බව, මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා, වැඩ බලන පොලිස්පතිවරයාට පවසා ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඊයේ දිනයේ දී, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා අතර පැවති හමුවක දී, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ කරුණ මතු කර තිබේ.

විශේෂයෙන්ම, තොණ්ඩමන් මහතාගේ අවමඟුලේ දී පොලිසිය හැසිරුණු ආකාරයත්, පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයේ දී පොලිසිය හැසිරුණු ආකාරයත් අනුව පොලිසියට මෙම චෝදනාව එල්ල වන බවයි, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත්, තොණ්ඩමන් මහතාගේ අවමගුලේ දී, ජනතාව එක්රැස් වීම වැළැක්වීමට, උපරිම වගකීමකින් යුතුව කටයුතු කළ බව වැඩ බලන පොලිස්පතිවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − three =