පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විමර්ෂණ වාර්තාව, ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අදාල වාර්තාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් වී දිවි ගෙවන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරියගේ ෆේස්බුක් ගිණුමේ පළ වී තිබේ.
ඔහු ප්‍රසිද්ධියට පත් කර තිබෙන්නේ, තේරීම් කාරක සභාව විසින් ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළමු පිටපතෙන් උපුටා ගත් සත්‍ය උපුටා ගැනීමක් යන මූලික විශ්වාසය මත අපි එම කොටස් මෙසේ අපගේ වෙබ් අඩවිය තුළ පළ කරමු.

