තේරීම් කාරක සභාවට එන්න ජනාධිපති එකඟ වෙයි.

0
858
- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මීට පෙර ජනාධිපතිවරයා පවසා තිබුණේ, කොමිසමෙන් කැදවීමක් ලැබුණත් තමන් ඊට සහභාගී නොවන බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙතෙක් සිටි දැඩි ස්ථාවරය වෙනස් කරගෙන තිබීම යහපත් ප්‍රවණතාවකි.

මේ වන විට, පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව 18 වතාවක් රැස් වී ඇති අතර, අග්‍රාමාත්‍යවරයාද ඇතුළුව 25 දෙනෙකුට වඩා වැඩි පිරිසකගෙන්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.