තෙල් සහන ඉල්ලා සෞදි අරාබිය-කටාරය-කුවේටය එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඕමානය සහ රුසියාව සමග රජය සාකච්ඡුා අරඹයි.

0
624
- Advertisement -

තෙල් සහන ඉල්ලා සෞදි අරාබිය-කටාරය-කුවේටය එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඕමානය සහ රුසියාව සමග රජය සාකච්ඡුා අරඹයි.

රුපියල අවප‍්‍රමාණය වීම මත ඛණිජ තෙල් ආනයනය සදහා විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු වන බැවින් – සෞදි අරාබිය ඇතුළුව මෙරටට තෙල් ගෙන එන රටවල් සමග ගිවිසුමකට එළඹීමට රජය තීරණය කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අනාගතයේ දී ඉන්ධන සදහා රජයට වැය කිරීමට සිදුවන මුදල තවත් ඉහළ යා හැකි බැවින් දිගු කාලීන ණය පහසුකම් ලබා ගැනීම සදහා මෙසේ එම රටවල් සමග ගිවිසුම්ගත වීමට තීරණය කළ බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදාල රටවල මෙරට පිහිටි තානාපති කාර්යාල සම`ග සාකච්ඡුා අරඹා ඇති බවද පුවත්පත වාර්තා කර තිබේ.

විශේෂ කෝටා ක‍්‍රමයක් යටතේ දිගුකාලීන ගෙවීමේ පහසුකම මත බොරතෙල් ආනයනයට ඉඩ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීම මෙම සාකච්ඡුාවේ අරමුණ බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =