තෙත් බිම් 227ක ආරක්ෂාව තහවුරු කරන්න.
වනජීවී අමාත්‍යංශයට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් නියෝගයක්.
සංරක්ෂණය කළ යුතු තෙත්බිම් ලෙස හදුනාගෙන තිබෙන තෙත් බිම් 227 ක ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස, විගණකාධිපති දෙපාර්තමේන්තුව, වනජීවී අමාත්‍යංශයටත්, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට නියෝග කර තිබේ.
ආනවිලුන්දාව රක්ෂිතය ද ඇතුළුව, තෙත්බිම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව වාර්තාවක්, පසුගිය වසරේ අවසන් භාගයේ දී, විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු බව පැවසේ.
අදාල තෙත්බිම් සහ එම තෙත්බිම් ආශ්‍රිතව ජීවත්වන වන සත්ව සහ ශාක ප්රජාවන්ගේ ආරක්ෂාව පිළිබදවද දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ.