තුනෙන් දෙකට – දෙකක් අඩුයි.
විස්ස සම්මත කරන්න විපක්ෂයේ නම දෙනෙක්ගේ සහාය.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතුව ඇති අතර, මේ වන විට, තුනෙන් දෙකක බලයක් සදහා තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ අඩුවක් ආණ්ඩුවට තිබේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සදහා පොහොට්ටු සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 145 කි. මෙම 145 අතරට චොකා මල්ලීද සිටියි. ඔහු මෙතෙක් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී නැත. එමෙන්ම කතානායකවරයාටද ඡන්දය ප්‍රකාශ කළ නොහැකි ය. මෙම පිරිසට අමතරව, ආණ්ඩුවට සහාය දක්වන ඩග්ලස් දේවානන්ද, පිල්ලෙයාන් සහ අතාවුල්ලා ඇතුළු පිරිසට ද මන්ත්‍රීධූර පහක් හිමි වේ.
ඒ අනුව, එම සියළු ඡන්ද එකතු කර ගත්තද ආණ්ඩුවට සිටින්නේ මන්ත්‍රීවරු 148 දෙනෙකි.
එවැනි තත්ත්වයක් පැවතියද, විපක්ෂයේ මන්ත්‍රීවරු නම දෙනෙකු, විසිවන සංශෝධනය ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටින බව, සන්ඬේ ඔබ්ස්වර් පුවත්පත උපුටා දක්වමින්, නිව්ස් වයිර් වෙබ් අඩවිය වාර්තා කරයි.