තිස් දෙහැවිරිදි තරුණයෙක් හදිසියේ ම මරණයට පත් වේ.
පෑලියගොඩට මාළු ප්‍රවාහනය කළ ලොරි රථයක සහායකයෙක්.
පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීම සදහා, කල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර සිටි වයස අවුරුදු 32 ක තරුණයෙක්, හදිසියේ ම මියගොස් ඇති බව වාර්තා වේ.
අදාල තරුණයා, කල්පිටියේ සිට, පෑලියගොඩ මාළු වෙළද පොළට මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සහායකයෙක් බව පැවසේ.
එම තරුණයාගේ මරණය කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිදු වූවක් ද නැද්ද යන්න ගැන, සෞඛ්‍ය අංශ විමර්ෂණය කරමින් සිටින බව පැවසේ.