තිස්සගේ මොළේ පරීක්‍ෂා කරන්න පාර්ලිමේන්තු මන්ති‍්‍රනි තලතා අතුකෝරාළ මහත්මිය ඉල්ලයි

0
65
- Advertisement -

බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා රෝහිණි කවිරත්න මහත්මිය ඉලක්ක කරගෙන කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ති‍්‍රනි තලතා අතුකෝරාළ මහත්මිය පවසා සිටියේ ඔහු මානසික ආබාධයකින් පෙළේද යන්න ගැන පරීක්‍ෂා කළ යුතු බවයි.

2022 අයවැය යෝජනා පිළිබඳ විවාදයේදී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂයන්ට අයත් මහජන නියෝජිතවරියන්ගේ අප‍්‍රසාදය මේ වනවිට ප්‍රකාශ වී තිබේ.

මෙම කරුණ ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය ඉතාම පැහැදිලිව අදහස් දක්වමින් පැවසා තිබුනේ කාන්තා හිංසනය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු කෙරෙන අවස්ථාවක මෙවැනි දේවල් මෙරට පාර්ලිමේන්තුව තුළින්ම සිදුවීම බරපතල සිදුවීමක් බවය.

නීති සම්පාදනය කිරීම වගකීම කරගත් ආයතනයක වගකීම ගැන ඇය එහිදී අවධාරණය කළාය.

එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කිසිදු පැකිළිමකින් තොරව සිය අප්‍රසාදය පළ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සමාව ගන්නා ලෙස ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියද ඔහු එය බැහැර කළේය.

මේ නිසා පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක්ද ඇති විය. තලතා අතුකෝරළ මහත්මිය ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කළ යුතු බව පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ මෙවන් පසුබිමකදීය.

පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ මානසික තත්ත්වය යහපත්ද යන්න ගැන විමසා බැලූ හෝ බලන්නට යෝජනා වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙරද පාර්ලිමේන්තු මන්ති‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ මානසික තත්ත්වය පිළිබඳ විමසා බලන්නට කටයුතු කරන ලදී.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එවැනි පරීක්‍ෂණයකට ලක් කෙරුන අවස්ථාවට වඩා මෙම තත්ත්වය සංකීර්ණය.

ඒ වාචික ලිංගික හිංසනයට රෝහිණි කවිරත්න මහත්මිය ලක් වන ආකාරය පාර්ලිමේන්තු සභාගැබේ සිටි බොහෝ දෙනා දුටු හෙයිනි. එම සිදුවීම විහිලූවකට ගෙන සිනහ නැගූ මහජන නියෝජිතයන් පිළිබඳවද සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය තම අප‍්‍රසාදය මීට පෙර පළකර තිබිණි.

අද වනවිට අදහස් ප‍්‍රකාශ කිරීමට හා තම අදහස් සමාජගත කරන්නට විවිධ මාර්ග ඇති නිසා සාමාජීය හදගැස්ම හඳුනාගැනීම අපහසු නැත.

ඒ අනුව මෙම සිදුවීමෙන් පසුව එවැනි සමාජ වෙබ් අඩවි තුළින් විවිධ පුද්ගලයෝ ජානක තිස්සකුට්ටි ආරච්චි මහතාගේ ප‍්‍රකාශය හා පසුව ඔහු ඒ සම්බන්ධව නිදහසට ඉදිරිපත් කළ කරුණු ගැන දැඩි විවේචනාත්මකව අදහස් දක්වා තිබිණි.

එවන් පසුබිමක් මත සිතිය හැක්කේ ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් වූ කාන්තාවන් පිළිබඳව ආණ්ඩුව දක්වන මතය තිස්ස කුට්ටිආරච්චි මහතාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගන්නා පියවර අනුව ප්‍රකාශ වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − seven =