තිස්සගේ දුවගේ පත්වීම ස්ථිරයි

0
788
- Advertisement -
Share

ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලයේ තුන්වන ලේකම් වරිය ලෙස තිස්ස අත්තානයක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවිය පත්කිරීම, මංගල සමරවීර අමාත්‍ය වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

දුල්මිණි අත්තනායක මෙනෙවියට, විදේශ සේවයේ හෝ තානාපති සේවයේ අත් දැකීම් නැති බවයි මංගල සමරවීර අමත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ.

මේ තත්ත්වය මත, විදේශ කටයුතු අමාත්‍යංශය මගින් දුල්මිණි අත්තනායක මෙනෙවියට ලබා දුන් තනතුර වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ඊයේ දිනයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, මේ වන විට ලැබෙන ආරංචි අනුව පැවසෙන්නේ දුල්මිණි අත්තනායක මෙනෙවියට ලබා දුන් තනතුරේ කිසිදු වෙනසක් සිදුව නැති බව යි. ඒ අනුව, ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් වරිය ලෙස ඇයට ලැබී තිබෙන පත්වීම එසේම පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 4 =