තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි.

0
286
- Advertisement -
Share

තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නානුඔය පොලීසිය පැවසීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි සජිත් චමින්ද නැමති 43 හැවිරිදි විවාහක අයෙකි.

නානුඔය පොලිස් වසමට අයත් ඩෙස්පොඩ් ක්ලාන්ටන් තේ වත්තේ ඊයේ  (19) රාත්‍රි මෙම ඝාතනය සිදුවි ඇති බවයි නානුඔය පොලීසිය කියා සිටියේ.

මරණකරු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත්, එම අනියම් සම්බන්ධතාවයට බිරිද සහ බිරිදගේ සහෝදරයන් දැඩි ලෙස විරෝධය දක්වා ඇති බවයි නානුඔය පොලීසිය කියා සිටියේ.

අනියම් සම්බන්ධතාවය මුලික කර ගනිමින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලීසිය සැකකරයි.

ඝාතකයා හඳුනාගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මේ වනවිට නානුඔය පොලීසියේ කණ්ඩායමක් ක්‍රියාකරමින් සිටින බව නානුඔය පොලීසියේ නිලධාරියෙකු පැවසිය.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලීසිය පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 1 =