තානාපතිකාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය; වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න..! ට‍්‍රම්ප්; ඉරානයට තර්ජනය කරයි.

0
682
- Advertisement -

පසුගියදා, බැග්ඩෑඞ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ, ඊට දින කිහිපයකට පෙර, ඇමරිකාව විසින්, ඉරාක සටන්කාමීන් වෙත කරන ලද ප‍්‍රහාරයට ප‍්‍රතිචාරයක් ලෙස යි.

ඇමරිකානු ප‍්‍රහාරයෙන් මිය ගිය ඉරාක සටන්කාමීන්ගේ ආදාහන කටයුතු 31 වන දා සිදු විය. අවමංගල කටයුතු සදහා සහභාගී වූ උද්ඝෝෂකයන් බැග්ඩෑඞ් හී පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ප‍්‍රහාර එල්ල කළේ ය.

ප‍්‍රහාරය එල්ල වූ මොහොතේ, තානාපති කාර්යාලය තුළ සිටි ඇමරිකානු තානාපතිවරයා ඉන් ඉවත්කරගෙන තිබුණි.

ඉරාක සටන් කාමීන්ට උදව්කරන්නේ ඉරානය බව පැවසේ.

තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය පිළිබදව ප‍්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ප‍්‍රහාරයේ වගකීම ඉරානය විසින් භාරගත යුතු බවයි. එමෙන්ම, මෙම ප‍්‍රහාරය වෙනුවෙන්, වන්දි ගෙවන්නට ඉරානය සූදානමින් සිටිය බවයි. මෙය හුදු අනතුරු හැගවීමක් නොව, තමන් ඉරානයට කරන තර්ජනයක් බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =