තාජුඩින් ඝාතනය; හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සිතාසි.

0
484
- Advertisement -
Share

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩින් ඝාතනයේ අපරාධකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ දිනයේ [16] සිතාසි නිකුත් කරනු ලැබුවා.

වසීම් තාජුඩින් ඝාතනයේ අපරාධකරුවන් දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැදගත් සාක්කි අතුරුදන් කළ බවට නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති අධි චෝදනා පත‍්‍ර බාරදීම සඳහා මෙලෙස හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරට අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

වසීම් තාජුඩින් ඝාතනයේ වැදගත් සාක්කි අතුරුදන් කිරීමේ සිද්ධියට ආදාළව සිදුකළ විමර්ශන වල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විත්තිකරුට එරෙහිව අධි චෝදනා නැඟීමට ගත් තීරණයකට අනුව අධිකරණ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකුට එරෙහිව අධි චෝදනා මත නඩු පවරන ලදී.

2012 මැයි මස දිනයක රත‍්‍රීයේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගනය අසල කාර් රථයක් ගිනි ගනිමින් තිබෙන බවට ඒ අසලින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශය ට දෙන ලද දුරකථන ඇමතුමකට අනුව ගිනි නිවන හමුදාව පැමිණ කාර් රථයේ ගින්න නිවා දමා ඇති අතර පසුව එහි තිබී පිළිස්සී ගිය වසීම් තාජුඩින් නමැත්තාගේ මෘත ශරීරය සොයා ගෙන තිබුනා.

වසීම් තාජුඩින් ගේ ප‍්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට නියම කොට තිබු අවස්ථාවක ඔහුගේ දැනුම්දීම මත එම ප‍්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය කනිෂ්ඨ
වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පවත්වා ඇති බවත් ප‍්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මෘත ශරීරය ඥාතීන්ට මුදා හැරීමෙන් අනතුරුව ආනන්ද සමරසේකර ගේ නියමය අනුව තාජුඩින් නමැත්තාගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යළි කැදවා ඇති බවත් අනාවරණය වී ඇත.

ඒ අවස්ථාවේදී හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් තාජුඞීන් නමැත්තාගේ අස්ථි කොටස් ඉවත් කොට ඇති බවට සාක්කි ඇති බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත

උපුටා ගැනීම – ”නෙත්” පුවත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 4 =