ත්‍රීකුණාමලයේ ඝාතන වල සැකකරුවන් නිදහස්

0
789
- Advertisement -

ත්‍රීකුණාමලය වරාය පොලිස් වසමට අයත් ගාන්ධ් වටරවුම අසලදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කලැයි චෝදනා ලබා සිටි විශේෂ කාර්‍ය බලකායේ 12 දෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රීකුණාමල ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්.එච්. මොහොමඩ් හමීසා මහතා විසින් ඊයේ (03) නිදහස් කරන ලදී.
ත්‍රීකුණාමල ගාන්ධ් වටරවුම අසලදී 2006 ජනවාරි මස මුලදී මෙම ඝාතන හා තුවාල සිදු කිරීම් කාර තිබුනි.