ත්‍රිරෝද රථයක් සොරකම් කල සැකකරුවන් තිදෙනෙක් ත්‍රිරෝද රථය සමග අත්අඩංගුවට

0
726
- Advertisement -

හැටන් නගරයේ රථ ගාලක ගාල් කර තිබු රු ලක්ෂ 6 පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරකම් කල සැකකරුවන් තිදෙනෙක් ත්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ඊයේ (24) සමත් වී තිබෙනවා.

ගම්පොල හෙම්මාතගම හපුගස්තලාව ප්‍රදේශයේදී සොරාගන්නා ලද ත්‍රිරෝද රථය සගවා තිබියදි හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ගම්පොල ප්‍රදේශයට ඊයේ ගොස් අදාළ ත්‍රිරෝද රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.