“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත්තා කියා අධිකරණමය ක්‍රියාමාර්ගය අනුගමනය නොකර සිටිය නොහැකියි.” කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි.

0
332
- Advertisement -

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත්තා කියා
අධිකරණමය ක්‍රියාමාර්ගය අනුගමනය නොකර සිටිය නොහැකියි.”
කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන, අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සිදු කර තිබෙන විමර්ෂණයන්ට අදාල සටහන් සහ සියළු සාක්ෂි, මෙතෙක් රැස්කරගෙන ඇති සියළු සාක්ෂි පෙබරවාරි 24 වන දාට පෙර අධිකරණයට ලබා දෙන ලෙස, කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

හිජාස් හිස්බුල්ලා මහතා අත් අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ වෙනත් ඕනෑම පනතක් යටතේ අත් අඩංගුවට ගනු ලැබුවද, ඕනෑම අයෙකුට එරෙහිව විමර්ෂණ කටයුතු සිදුවිය යුත්තේ අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට අනුකූලව යැයි, මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

නීතීඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව බාලවයස්කාර දරුවන් සිව් දෙනෙකු 2020 ජූලි 01 වන දා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබා දුන් රහස් ප්‍රකාශ, ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ වීම සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයද මේ වන තෙක් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනතෙක් ක්‍රියාත්මක වී නැති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 7 =