ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කිරීමට සූදානම් බව රජය යුරෝපා සංගමයට දන්වයි.

0
423
- Advertisement -

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කිරීමට සූදානම් බව රජය යුරෝපා සංගමයට දන්වයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජය සිය එකගතාවය පළ කර ඇති බව, යුරෝපීය සංගමය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයක් ඔස්සේ තහවුරු කර තිබේ.

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී, ජාත්‍යන්තර මානවහිමිකම් සුරැකීමේ වැදගත්ම යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡාවක්, ඊයේ දිනයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේ දී, කෝවිඩ් වසංගතයත් සමග, ශ්‍රී ලංකාව ආනයන සීමා කිරීමට ගත් තීරණය පිළිබදව ද අවධානය යොමු කර ඇති අතර, ආනයන සීමා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණස්සල්ල ප්‍රකාශ කර ඇති බව පැවසේ.

ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු ජාත්‍යන්තර සම්මුතීන් අඛණ්ඩව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමයට පොරොන්දු වී තිබේ. දැනට රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන ලෙස සංශෝධනය කිරීමට රජය සිය එකගතාවය පළකර ඇත්තේ ඒ අනුවයි.


ඩේලි මිරර් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + six =