“ත්‍රස්තවාදය යළි හිස එසවීමේ අවදානමක් ඇති නිසා 20 න් ජනාධිපතිට අසීමිත බලයක් දීමේ වැරැද්දක් නෑ.” සරත් වීරසේකර.

0
223
- Advertisement -
Share

ත්‍රස්තවාදය යළි හිස එසවීමේ අවදානමක් ඇති නිසා
20 න් ජනාධිපතිට අසීමිත බලයක් දීමේ වැරැද්දක් නෑ.
සරත් වීරසේකර.


අරුණු පුවත්පතෙන් උපුටා ගත් ප්‍රවෘත්තියකි.

•චාමර පල්ලේගෙදර

නැවත වරක් මෙරට ත්‍රස්තවාදය හිස එසවීමේ ඉඩකඩක් ඇති බැවින් 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලැබීම කිසිඳු ගැටලුවක් නොවන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර ‘අරුණ’ට පැවැසීය.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එම ත්‍රස්තවාදය මුස්ලිම් අන්තවාදය හෝ එල්.ටී.ටී.ඊ. අන්තවාදය විය හැකි බවයි.

එම නිසා රටක් ස්ථාවර වීමට නම් ජනාධිපතිවරයාට විධායක බලය තිබිය යුතු බවද හෙතෙම කීවේය.

එමෙන්ම තමන් 19 වැනි ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් විරුද්ධ වූ කෙනෙක් හැටියට 20 වැනි සංශෝධනයට අනිවාර්යෙන්ම පක්ෂ විය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කර සිටියේය.

ඊට අමතරව තමන් පළාත් සභා අහෝසි කළයුතු යැයි සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් දෝෂාරෝපනය කළද තමන් තවමත් පළාත් සභා අහෝසි කළ යුතුයි යන ස්ථාවරයේ සිටින බවද ඇමැතිවරයා කීවේය.

කෙසේ නමුත් දෝෂාරෝපණය එල්ල කරන පාර්ශ්වයන්ගේද අදහස් විමසා බලා පළාත් සභා සම්බන්ධයෙන් කළ යුතු නිවැරදි දේ කරන බවද රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + eleven =