“තවමත් සමාජ පැතිරීමක් නෑ. දැනට සොයාගත් සෑම ආසාදිතයෙක් ම ප්‍රධාන පොකුරට සම්බන්ධ අයයි.” හමුදාපති.

0
406
- Advertisement -

තවමත් සමාජ පැතිරීමක් නෑ.
දැනට සොයාගත් සෑම ආසාදිතයෙක් ම
ප්‍රධාන පොකුරට සම්බන්ධ අයයි.” හමුදාපති.

කොරෝනා දෙවන රැල්ල පැමිණීමෙන් පසුව හදුනා ගනු ලැබූ සෑම ආසාදිතයෙක් ම, මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අන්තර් සම්බන්ධිත බව, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිනුවන්ගොඩ ඇගළුම්කර්මාන්ත ශාලා පොකුර සමග අන්තර් සම්බන්ධතාවයක් නැති කිසිදු රෝගියෙකු මෙතෙක් හමු වී නැත.

මේ අනුව, මෙතෙක්, කොරෝනා සමාජ පැතිරීමක් මෙරට තුළ නැති බව ද හමුදාපතිවරයා පවසයි. කෙසේ වෙතත්, අවදානම පාලනය කර ගැනීම සදහා, පොදු ජනතාව විසින් සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම, අත්‍යවශ්‍ය බව ද හමුදාපතිවරයා පවසයි.

වසංගතය, සමාජ පැතිරීමකට ගොස් ඇත් දැයි සොයා බැලීම සදහා, අහඹු පී.සී.ආර් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් තිබෙන බව පැවසේ.