තවදුරටත් පොහොට්ටුවත් එක්කම දීග කනවා ද..? ශ‍්‍රීලනිප තීරණය 7 වෙනිදායින් පසුව.

0
465
- Advertisement -

ඉදිරි මහ මැතිවරණය සදහා පොහොට්ටුව සමග එක් නොවී, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කළ යුතු බව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් කිහිප දෙනෙකුගේම අදහස වී ඇති බව වාර්තා වේ.

මේ වන විටත්, පොහොට්ටු පක්ෂයේ බොහෝ කෙණෙහිලිකම්වලට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මුහුණ දීමට සිදුව ඇති බවත්, ඉදිරි මැතිවරණයේ දී එම තත්ත්වයේ වැඩි වීමක් මිස අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බවත්, ඔවුන්ගේ අදහස වී තිබේ. ඊට අමතරව, අළුත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ද, පොහොට්ටුව සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කලින් පැමිණි එකගතාවන්, පොහොට්ටු පක්ෂය විසින් උල්ලංඝණය කර ඇති බව ද පැවසේ.

මේ සියළු කාරණා සැලකිල්ලට ගනිමින්, ඉදිරි මැතිවරණයේ දී ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු සංවිධායකවරු ලබන 7 වන දා කොළඹට කැදවා තිබේ.

පක්ෂයේ සභාපති ලෙස, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කැදවීම සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + eleven =