තවත් ශ‍්‍රී ලාංකිකයන් 68,000 ක් යළි මව්බිමට පැමිණීමට බලා සිටිති.

0
325
- Advertisement -

තවත් ශ‍්‍රී ලාංකිකයන් 68,000 ක්
යළි මව්බිමට පැමිණීමට බලා සිටිති.


විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හැට අට දහසකට ආසන්න පිරිසක්, යළි මව්බිමට පැමිණීම සදහා බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනයේ රැුදී සිටින බව විදේශ අමාත්‍යංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ජනවාරි දෙවන දා සිහ නම වනදා දක්වා කාලය තුළ ඩෝහා, චෙන්නායි, මෙල්බර්න්, කැනඩා, සයිප‍්‍රස් සහ ඩුබායි යන රාජ්‍යවල සිටින ශ‍්‍රී ලාංකිකයන් 1400 දෙනෙකු යළි මෙරටට ගෙන්වීමට නියමිත ය.

කොරෝනා වසංගතයේ පළමු රැුල්ල ආරම්භයේ දී, චීනයේ වූහෑන් ප‍්‍රාන්තයේ හිරවී සිටි සිසුන් 33 දෙනෙකු මෙරට ගෙන් වූ අවස්ථාවේ සිට මේ දක්වා විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් 60,470 ක් මෙරටට ගෙන්වාගෙන තිබේ.