තවත් වෛරසයක්..! කොරෝනා නොවන, වෙනත් භයානක වෛරසයකින් චීනයේ එක් පුද්ගලයෙක් මිය යයි.

0
2834
- Advertisement -

කොරෝනා වෛරසය සමග සාර්ථකව සටන් කරමින් සිටින, චීනය ඊයේ දිනයේ දී වෙනත් වෛරසයක් ව්‍යාප්තවීමේ අවදානමට මුහුණ දී තිබේ.

මෙම වෛසරය හදුන්වන්නේ, ්‍ Hantavirus  යනුවෙනි.

මෙය මූසික පවුලට අයත් සත්ව විශේෂයන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වෛරසයකි. ඊයේ උදෑසන දී චීනයේ යුනෑන් ප‍්‍රාන්තයේ බස් රථයක ගමන් කරමින් සිටි මගියෙකු මෙම වෛසරය ආසාදනය වී බස් රථය තුළම මියගොස් තිබේ.

බස් රථය තුල ගමන් ගත් අනෙකුත් පුද්ගලයන් 32 මේ වන විට පරීක්ෂණයට ලක් කර තිබේ.

කෙසේ වෙතත්, අදාල වෛරසය අළුතින් හදුනාගනු ලැබූ වෛරසයක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ට ආසාදනය වෙමින් පවතින වෛසරයක් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 3 =