“තවත් මාස 06 ක් යනතුරු මැතිවරණ පැවැත්වීම සුදුසු නෑ.” ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය.

0
1056
- Advertisement -
Share

රජය මැතිවරණයට සූදානම් වුවද තවත් මාස 06ක් යනතෙක් ඒ සඳහා සුදුසු වාතාවරණයක් රටේ නොමැති බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කොරලේආරච්චි පැවසීය. සභාපතිවරයා මේ බව සඳහන් කළේ පුංචි බොරැල්ලේ පිහිටි සුවසේවා සංගම් කාර්යාලයේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

දේශපාලන වපසරියක සිට කොවිඩ් මර්දනය කිරීමට යෑම මගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්වන බවද මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි දැනුවත් කළ ද ඒ සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද සභාපතිවරයා කියයි.

එම නිසා මෙම කොවිඩ් මර්දනය කිරීම සඳහා ලෝකයේ වෙනත් රටවලද අත්දැකීම් ලබාගත යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

•චාමර පල්ලේගෙදර

@arunaEpaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 15 =