බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆසෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරිදා උදෑසන දේව මෙහෙය අතර තුර එල්ල වී ඇති මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අදාල දේවස්ථානයේ පූජකතුමා ඇතුළුව කතෝලික බැතිමතුන් හය දෙනෙකු මිය ගොස් තිබේ. ප්‍රහාරයට පැමිණි ඇත්තේ වයස අවුරුදු විස්සත් තිහත් අතර වයස් ඛාණ්ඩයේ කීප දෙනෙකි. වෙඩි තබා බැතිමතුන් ඝාතනය කර ඇති ත්‍රස්ත පිරිස පසුව පල්ලිය ගිනි තබා විනාශ කර තිබේ. ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජිහාඞ් ත්රස්තයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවත් පල්ලියකට ප්‍රහාරයක්. හයක් මරුට.
0
1319