තවත් ගැබිණි මවක් මිය යයි..! ගැබිණි මව්වරු සේවයට නොකැදවන්නැයි රාජ්‍ය අංශයේ ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දීමක්..!

0
106
- Advertisement -

තවත් ගැබිණි මවක් මිය යයි..!
ගැබිණි මව්වරු සේවයට නොකැදවන්නැයි
රාජ්‍ය අංශයේ ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දීමක්..!

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ගැඹිණි මවක්, අද දිනයේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

මුල්ලෙරියාව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අදාල ගැබිණි මව, ඇගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන්, කරාපිටිය රෝහලට මාරු කර යවා තිබුණි.

එහි දී ඇය සිය බිළිදා ප‍්‍රසූත කර ඇති අතර, එම දරු ප‍්‍රසූතිය නොමේරු දරු ප‍්‍රසූතියක් බව පැවසේ.

දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මව අද දිනයේ දී මියගොස් තිබේ.

මේ අතර, ගැඹිණි මව්වරු සේවයට නොකැදවන ලෙස රාජ්‍ය අංශයේ ආයතන ප‍්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.