තවත් කුඩු තොගයක් අත් අඩංගුවට…!

0
636
- Advertisement -

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝග‍්‍රෑම් 161 ක් අත් අඩංගුවට ගෙන තිබේ. අදාල හෙරොයින් තොගය, මාකදුරේ මධූෂ් ගේ හිතවතෙක් වන කැලූම් ඉන්දික හෙවත් ”කැව්මාට” අයත් මොරටුව රාවතාවත්තේ පිහිටි නිවසකිනි. අත් අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800 කට වඩා වැඩි බව පැවසේ. කැලූම් ඉන්දික හෙවත් කැව්මා, රුපියල් බිලියන පහකට වඩා වැඩි වටිනාකමක් ඇති දියමන්තිය සොරා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දා අත් අඩංගුවට පත් විය.