තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු අත්අඩංගුවට

0
790
- Advertisement -

තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් කාබුල් නුවර ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුම්වලදී තලෙයිබාන් සංවිධානයට අයත් පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම තලෙයිබාන් නායකයා සිටින බවට අනාවරණය වී ඇති අතර ත්‍රස්ත සංවිධානයට අයත් සටන්කාමීන් තවදුරටත් කාබුල් නුවර සිටින බවට ද තොරතුරු අනාවරණය වුණා.

මේ සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ඇෆ්ගන් ආරක්ෂක අංශ සදහන් කරයි.