තමුසේ ලොක්කෙක් ද..? වනජීවී රාජ්‍ය ඇමති; වනජීවී නිළධාරියාගෙන් අසයි.

0
1012
- Advertisement -
Share
4 / 100

තමුසේ ලොක්කෙක් ද..?
වනජීවී රාජ්‍ය ඇමති; වනජීවී නිළධාරියාගෙන් අසයි.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවී නිළධාරින් කිහිප දෙනෙකු අතර, උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. ඒ, පොළොන්නරුව වෙහෙරගොඩ ප‍්‍රදේශයේ දී ය.

පොළොන්නරුව, වෙහෙරගොඩ යාය රක්ෂිතය තුළට තමන්ගේ හරක් ඇතුළු කිරීමට ප‍්‍රදේශවාසීන්ට ඉඩ ලබා දෙන්නැයි වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ජාතික රක්ෂිතයක් ලෙස නම් කර ඇති වනාන්තරයකට හරක් ඇතුළු කිරීම සහ ඒ තුළ මිනිස් කි‍්‍රයාකාරකම් සිදු කිරීමට ඉඩ දීම ජාතික අපරාධයක් බව වනජීවී නිළධාරින්ගේ මතය විය.

අමාත්‍යවරයාගේ ඉල්ලීමට දැඩි ලෙස විරුද්ධ වූ එක් වනජීවී නිළධාරියෙක්ගෙන් තමුසේ ලොක්කෙක් දැයි අමාත්‍යවරයා විමසා සිටියේ ය.

වනාන්තර සහ වනජීවීන් රැුක ගැනීමට දරන උත්සාහයේ දී සහෝදර නිළධාරීන් ජීවිතය පවා පරිත්‍යාග කරන බව පැවසූ වනජීවී නිළධාරීන්, රක්ෂිතය තුළට හරක් දැක්වීමට එකහෙලාම සිය විරෝධය පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + four =