“තමන්ගේ ජනතාව විකුණන්න එපා කියා මම මුරලිදරන්ට කියනවා.” මනෝ ගනේෂන්

0
646
- Advertisement -
Share

“තමන්ගේ ජනතාව විකුණන්න එපා කියා
මම මුරලිදරන්ට කියනවා.”
මනෝ ගනේෂන්

විමල් වීරවංශ වැනි ජාතිවාදියකුට කඩේ යන සුපිරි ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන්ට දැන් ලැජ්ජාවක් නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක මනෝ ගනේෂන් පැවැසීය.

ඔහු මේ බව කීවේ පෙරේදා (14 වැනිදා) උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මෙසේද කීවේය.

‘‘ඇමැති විමල් වීරංවංශ පසුගියදා සුපිරි ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්ව තමන්ගේ මැතිවරණ වේදිකාවට කැඳවා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළා. එහිදී මා පිළිබඳවත් අදහස් දක්වා තිබුණා. එහිදී මුරලිදරන් පැවසුවා මා කොළඹ ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් කර නැහැ. එබැවින් මට ඡන්දය දෙන්න එපා කියල. විමල් වීරවංශට ඡන්දය දෙන්න කියල මුරලිදරන් කොළඹ දෙමළ හා මුස්ලිම් ජනතාගෙන් ඉල්ලා සිටියා.

මනෝ ගනේෂන් ජනතාව වෙනුවෙන් මොකුත්ම කළේ නැහැ කියල කියනවා නම් මම මුරලිදරන්ට කියනවා ඇස් ඇරල අපගේ ජනතාව ජීවත් වන ප්‍රදේශ බලන්න කියල. මුත්තයියා මුරලිදරන් ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මා ඔහුට ගරු කරනවා. ක්‍රිකට් ක්‍රිඩකයෙක් ලෙස ඔහු ගැන ආඩම්බර වෙනවා. නමුත් ඔහු පසුගිය කාලයේ සංගක්කාරලා මහේල අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වා ප්‍රශ්න කරද්දි ඒ පිළිබඳව කතා කළේ නැහැ. නමුත් අද විමල් වීරවංශ වෙනුවෙන් කතා කරනවා. එයට හේතුව දැන් ඔහු ව්‍යාපාරිකයෙක්. එම ව්‍යාපාරිකයාට දැන් ආණ්ඩුවේ උපකාර අවශ්‍ය වෙනවා. තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් ආණ්ඩුවෙන් උදව් ගත්තාට කමක් නැහැ. නමුත් ඒ වෙනුවෙන් තමන්ගේ ජනතාව විකුණන්න එපා කියල මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

සජිත් ප්‍රේමදාස මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලක්ෂ හයක් හතක් දිනා ගනීවිි. ඒ නිසා විමල් වීරවංශ දැනටමත් බය වෙලා ඉන්නේ.

පසුගිය මැතිවරණයේදි තමන්ට දෙමළ මුස්ලිම් ඡන්ද එපා කියා කියූ විමල් වීරවංශ දැන් මුත්තයියා මුරලිදරන් වැනි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්වා දෙමළ මුස්ලීම් ඡන්ද හිඟා කනවා. මොවුන් දෙදෙනාටම ලැජඡා නැහැ. නමුත් අපට ලැජ්ජ, බය හා ආත්මගරුත්වය තිබෙනවා.’’

aruna – E paper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =