තමන්ගේම දියණියන් දෙදෙනාට සහ පිරිමි දරුවාට ලිංගික අතවර සිදු කළ හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගනී.

0
298
- Advertisement -
Share

තමන්ගේම දියණියන් දෙදෙනාට සහ
පිරිමි දරුවාට ලිංගික අතවර සිදු කළ
හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගනී.

තමන්ගේම දියණියන් දෙදෙනාට සහ පිරිමි දරුවාට බරපතල ආකාරයේ ලිංගික අතවර සිදු කළ හමුදා සොල්දාදුවෙකු කටුගස්තොට පොලිසිය මගින් අත් අඩංගුට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් සොල්දාදුවා, ගෙලිඔය හමුදා කදවුරට අනුයුක්තිව රාජකාරී කරන අයෙකි.

සැකකරුගේ දියණියන් දෙදෙනාම වයස අවුරුදු 12 ට අඩු දැරිවියන් වන අතර, පිරිමි දරුවා අවුරුදු දා හතරක දරුවෙකි.

කාලයක් තිස්සේ, හමුදා සෙබලා විසින් ඔහුගේ දරුවන් තිදෙනාට අතවර කර තිබෙන අතර, ඒ පිළිබදව දරුවන්ගේ මව දැන සිට ඇති බවත් පැවසේ. කෙසේ වෙතත්, සැමියාට ඇති බිය නිසා, ඒ පිළිබදව කිසිවෙකුට ඈ පැමිණිලි කර නැත.

(Newswire)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 − 1 =