මෙවර 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඊයේ අපූරු තරගයක් පැවත් වුනා.
මේ වන විට ඒ තරගය වෙත මුලු ලෝකයේම අවධනය යොමුව තිබෙනවා.
ලෝක කුසලානයට තරග කරන රටවල් සියල්ල නියෝජනය කරමින් එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ එරට තවත් ජනප්‍රිය පුද්ගලයෙකු සමග එකතු වී තප්පර 60ක කාලයක් පන්දුවට පහරදෙනු ලබනවා.
තප්පර 60කට වැඩිම ලකුණු ගහන ක්‍රීඩකයන් දෙදෙනා තමයි මේ තරගයෙන් ජයග්‍රහණය කරන්නෙ.
මේ සුපිරිම වෙනස් අත්දැකිමට එකතු වන්නෙ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහේල ජයවර්ධන සහ හිටපු ධාවන ශූරියක් වන දමයන්ති දර්ශායි.
ඔවුන් දෙදෙනා එකතු වී තප්පර 60ක කාලයකදි එකතු කර ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 43කි.
කෙසෙ වෙතත් මෙම අපුරු තරගය ජය ගන්නට හැකි වන්නේ එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ක්‍රීඩකයන් දෙදෙනාටයි.
එහිදි ඔවුන් ලකුණු 74ක් රැස් කරගෙන තිබෙනවා.
මේ අතරට පාකිස්ථානය නියෝජනය කරමින් නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගත් මලාලා යුසුෆ්සායි සහ සර් විවියන් රචර්ඩ්ස් ද පැමිණ සිටියා.
පහතින් ඒ අදාල ඡායාරූප සහ විඩියෝව.











