තද සුළං හා තද වැසි නිසා අද කාලගුණය අයහපත්

0
747
- Advertisement -

හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර පුත්තලම සිට කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් නාවික හා ධීවර ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර උතුරු ,උතුරු මැද ,ඌව සහ නැගෙනහිර පළාත්වලත් ,බස්නාහිර ,මධ්‍යම ,වයඹ ,සබරගමුව යන පළත් වල සහ ගාල්ල – මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ඇති විය හැකියි.