තත්ත්වය බරපතලයි; ගෝඨාට තවත් සිතාසියක්…!

0
428
- Advertisement -
Share

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ලසන්තගේ දියණියකවන අහිංසා වික‍්‍රමතුංග විසින් ඇමරිකාවේ දී ගොනු කරන ලද නඩුවේ සිතාසියට අමතරව, තවත් නඩුවක සිතාසියක් අදාල දිනයේ දී ම ගෝඨාභය රාජපක්ෂට භාර දී ඇති බව වාර්තා වේ. දෙවන සිතාසිය භාර දී ඇත්තේ ”රෝයි සමන්තානම්” නමැති ලංකාවේ ඉප දී දැන් කැනඩාවේ පදිංචි ව සිටින ද්‍රවිඩ ජාතිකයෙකු විසින් ගොනු කරන ලද නඩුවකට අදාලවයි. 2007 වසරේ දී රෝයි සමන්තානම් නමැති මෙම පුද්ගලයා ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු නියෝග මත රැුදවුම් භාරයේ තබා ගනිමින් මානසිකව සහ ශාරීරිකව වධ බන්ධනයට ලක් කර ඇත. ව්‍යාජ පාපොච්ඡුාරණයකට අත්සන් තබන ලෙසට බල කරමින් ඔහුව බධ බන්ධනයට ලක් කර තිබේ. පසුව 2010 දී, රෝයි සමන්තානම් නමැති මේ පුද්ගලයාව ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් නිදහස් කර ඇත. නිදහස ලැබීමෙන් පසුව අදාල තැනැන්තා, තමන්ට වූ අසාධාරණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩු පවරා ඇති අතර, පසුව නඩුවෙන් ජය ලබා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින්, අදාල තැනැත්තාට වන්දි ගෙවන ලෙස ශ‍්‍රී ලංකා රජයට නියෝග කර ඇතත්, ලංකා රජය මේ වන තෙක් අදාල වන්දිය ගෙවා නැත. මෙකී සිදුවීමට ගෝඨාභය රාජපක්ෂ සෘජුව සම්බන්ධ බැවින්, ගෝඨාභයගෙන් වන්දි ඉල්ලා අදාල පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ නීතීඥ සමාගම හා ජාත්‍යන්තර සත්‍යයේ හා සාධාරණත්වයේ ව්‍යාපෘතිය හෙවත් ෂඔන්‍ඡු සංවිධානය විසින් ඇමරිකාවේ කැලිෆෝනියා උසාවියේ නඩු පවරා තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය විසින් පවරා ඇති නඩුවේ සිතාසිය භාර දුන් දිනයේ ම පෙර සදහන් කළ නඩුවට අදාල සිතාසියද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 7 =