“ඬේලිනිවුස් පුවත සත්‍යයෙන් තොරයි. චීන ජනපති සහ ශ‍්‍රී ලංකා ජනපති – සති අන්තයේ සූම් තාක්ෂණයෙන් සාකච්ඡ පැවැත් වූවේ නෑ.” චීන තානාපති කාර්යාලය කියයි.

0
344
- Advertisement -

“ඬේලිනිවුස් පුවත සත්‍යයෙන් තොරයි.
චීන ජනපති සහ ශ‍්‍රී ලංකා ජනපති – සති අන්තයේ සූම් තාක්ෂණයෙන්
සාකච්ඡ පැවැත් වූවේ නෑ.” චීන තානාපති කාර්යාලය කියයි.

චීන ජනපති සහ ශ‍්‍රී ලංකා ජනපති, ඊයේ දිනයේ දී, සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡුාවක නිරතව ඇති බවට, ආණ්ඩුවට සම්බන්ධ, ඬේලි නිවුස්පත පළ කර තිබෙන වාර්තා, මෙරට චීන තානාපති කාර්යාලය මගින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, සූම් තාක්ෂණය ඔස්සේ පසුගිය හතරවන දා ඒකාබද්ධ සමුළුවක් පැවැත් වූවද, එම සමුළුව සදහා ශ‍්‍රී ලංකා ජනාධිපති හෝ චීන ජනාධිපති සහභාගී නොවූ බව ද ඔවුන් පවසයි.

ඒ නමුත්, දෙරටෙහි රාජ්‍ය නායකයන් අතර ඉතා සමීප සම්බන්ධතාවයක් බවතින බව ද චීන තානාපති කාර්යාලය නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩයේ සදහන් වේ.

චීන ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ එකිනෙකා සමග කතා බහ කළ බවත්, රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දෙරට රාජ්‍ය නායකයන් හුවමාරු කරගත් බව ඬේලි නිවුස්පුවත්පත වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =