“ඩෝල් ලංකා වතුයාය උල්හිටිය ජලාශය දූෂණය කරයි.” ගම්වාසීන්ගෙන් චෝදනා.

0
303
- Advertisement -
Share

ඩෝල් ලංකා වතුයාය
උල්හිටිය ජලාශය දූෂණය කරයි.”
ගම්වාසීන්ගෙන් චෝදනා.

ඩෝල් සමාගම නිසා, උල්හිටිය ජලාශය අපවිත්‍ර වෙමින් බවතින බව, ඒ අවට ගම්මානවල වැසියන් චෝදනා කරති.

ඩෝල් ලංකා වතුයායේ අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය මුදා හැරීම නිසා, උල්හිටිය ජලාශයේ ජල තලය මත පැහැදිලිව දැකිය හැකි වන ආකාරයට තෙල් තට්ටුවක් නිර්මාණය වී ඇති බව ද ගම්වැසියෝ පවසති.

මේ සම්බන්ධයෙන් තමන් අදාල සමාගමට පැමිණිලි කර ඇතත්, මෙතෙක් ඔවුන් කිසිදු පියවරක් ගෙන නැති බවත් ගම්මු පවසති.

කෙසේ වෙතත්, ගම්මුන්ගේ මෙම චෝදනා ඩෝල් ලංකා වතුයායේ පාලනාධිකාරිය ප්‍රතික්ෂේප කරයි.

සන්ඬේ මෝර්නින් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + twelve =