“ඩොලර් මිලියන දෙකේ අල්ලස;” කපිල චන්ද්‍රසේනගෙන් මුදල් ගලා ගිය බවට සැක තුන් දෙනෙකු ගැන විමර්ෂණ අරභයි.

0
756
- Advertisement -

හිටපු, එයා ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද විසින්, එයා බස් සමාගමෙන් ඩොලර් මිලියන දෙකක කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

එම විමර්ෂණ කටයුතුවලට අදාලව, කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිදගේ ගිණුම්වලින් මුදල් හුවමාරු වූ තවත් තුන් දෙනෙකු සතුව ඇති විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන්ද විමර්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනෙක් මේ වනතෙක් මෙරට තුළ ජීවත් වන බවද පැවසේ.

ආන්දෝලනාත්මක එයාබස් අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැුසක් සිංගප්පූරු විමර්ෂණ අංශ විසින්ද අනාවරණය කර ගෙන ඇති අතර, එම තොරතුරු ලංකාවේ බලධාරීන්ට ලබා දීමට සිංගප්පූරු රජය බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =