“ඩොලර් මිලියන දෙකක් අල්ලස් ගෙන ඇති බව දැන දැනත් ඔවුන් දෙදෙනාට එරෙහිව ඔබේ දෙපාර්තමේන්තුව කිසිවක් නොකළේ ඇයි..?” මහේස්ත‍්‍රාත් අසයි. සී.අයි.ඩී නිලධාරීන් බිම බලාගනී.

0
933
- Advertisement -

ඩොලර් මිලියන දෙකක් තරම් විශාල මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බව දැන දැනත්, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිදට එරෙහිව නීතිය කි‍්‍රයාත්ම කිරීම මන්දගාමී වූවේ ඇයි කියා, කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර, ඒ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් නිහඩව බලා සිට ඇත.

කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිදට කොටුව මහේස්ත‍්‍රාත් වරයා ඇප ලබා දුන්නද, ඇප කොන්දේසි රැුසක් ඔවුන් දෙදෙනාට එරෙහිව පනවා තිබුණි. සෑම මසකම අවසන් ඉරිදා, ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය. එමෙන්ම, ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවිය හැකි ඕනෑම අවස්ථාවක ඒ සදහා පැමිණීමට සූදානමින් සිටිය යුතුය.

ඩොලර් මිලියන දෙකක මුදල තමන්ගේ ගිණුම්වලට වැටුනේ කෙසේද කියා තමන් නොදන්නා බව, කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබේ. එම අවස්ථාවේ දී, මහේස්ත‍්‍රාත්වරයා අසා ඇත්තේ, ඔවුන් ලබාගෙන ඇති මුදලින් ඩොලර් ලක්ෂ අටක මුදලක් තම ගිනුමට වැටුනු පුද්ගලයාද, තමන්ට මුදල් දැම්මේ කවුද කියා නොදන්නා බව පවසාවිද යන්නයි.

කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද අල්සල් ලෙස ගෙන තිබෙන ඩොලර් මිලියන දෙකක මුදලින් ඩොලර් ලක්ෂ අටක මුදලක්, ගවර්ස් කෝපරේෂන් නමින් යුතු, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගමක ගිණුමකට බැරවී ඇති බවයි.