ඩොලර් නෑ. අල-පරිප්පු-ළුෑණු සහ සීනි කන්ටේනර් දහසක් වරායේ හිරවෙයි.

0
107
- Advertisement -

ඩොලර් නෑ.
අල-පරිප්පු-ළුෑණු සහ සීනි කන්ටේනර් දහසක්
වරායේ හිරවෙයි.


නිදහස් කර ගැනීම සදහා ආනයන කරුවන්ට ඩොලර් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති අල-පරිප්පු-ළුෑණු සහ සීනි තොග අඩංගු කන්ටේනර් දහසක් පමණ වරායේ හිර වී ඇති බව වාර්තා වේ.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා පැවති කැබිනට් හමුවේ දී මේ බව අනාවරණය කර තිබෙන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මෙම කන්ටේනර් මුදා ගත යුතු බැවින් විසදුමක් ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

වෙළදපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ශීඝ‍්‍ර ලෙස ඉහළ යාමට මෙම තත්ත්වය බලපා ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.

ඩොලර් හිගය මගහරවා ගැනීම සදහා ඉදිරියේ දී විකල්ප කි‍්‍රයාමාර්ග ගන්නා බව කැබිනට් හමුවට එක්ව සිටි මුදල් අමාත්‍යවරයා පවසා ඇති බව ද වාර්තා වේ.

අද ලංකාදීප පුවත්පත මේ කරුණු අනාවරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 5 =